කායගතාසති භාවනාව
|
කායගතාසති සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන කාලයෙහි දිනක් සවස් භාගයෙහි බොහෝ භික්ෂූ පිරිසක් එහි උපට්ඨාන ශාලාවට රැස් ව, සාකච්ඡා කෙරෙමින් සිටින විට, මතු ඇක්වෙන අතුරු කථාව ඇතිවිය. “ ඇවැත්නි ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනැවින් වඩන ලද කායගතා සතිය මහත් ඵල මහානිසංස ගෙන දෙන්නේ යයි කරන ලද දේශනය ආශ්චර්ය ය. අද්භූත ය යන මේ අතුරු කතාව යි. එවිට භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් නැගිට, උපස්ථාන ශාලාවට වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩ සිටි සේක්, භික්ෂූන් අමතා, ‘තමන්වහන්සේ පැමිණෙන්නට පෙර කිනම් කතාවක් කරමින් සිටිනාහු ද. කවර නම් කතාවක් අඩාළවීදැ යි ප්‍රශ්න කළ සේක.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩම කිරිමට පෙර භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් මැනැවින් වඩන ලද කායගතාසතිය මහත් ඵල මහානිසංස දායක යයි කරන ලද දේශනය ආශ්යචයර් ය, අද්භූත ය යනුවෙන් ප්‍රකාශ කරමින් සිටිය දී, භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩම කළ සේකැ යි ඒ භික්ෂූහූ ප්‍රකාශ කළහ. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල වශයෙන් පුරුදු කරන ලද ආනාපාන සතිය මහත්ඵල මහානිසංස වන්නේ ද යත් මහණෙනි, මෙසස්නෙහි මහණතෙම වනගත වූයේ හෝ රුක් මූලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ බද්ධපර්යංකයෙන් හිද කය සෘජුව තබාගෙන සිහිය කමටහන් අරමුණකට යොමුකර සිහි ඇති ව ම ආශ්වාස කෙරෙයි (හුස්ම ගනියි) සිහි ඇතිව ම ප්‍රශ්වාස කෙරෙයි (හුස්ම පිට කරයි) දිග හුස්මක් ගන්නේ දිග හුස්මක් ගනිමි යි නුවණින් දැනගනී. |