පාරමිතා (බුද්ධ කාරක ධර්ම)
බොසත්වරුන් ලොව්තුරා බුදු බව පතා තම ජීවිතයම කැප කරමින් දස පාරමිතා පූර්ණය කරණු ලබයි.
සංසාර සාගරයෙන් එතෙර වීමට උපකාර වන නිසාත්, ඒවා පිළිපදින පුද්ගලයා උසස් තත්ත්වයකට පත් කරවන නිසාත්, මෙම උතුම් ගුණ ධර්ම පාරමිතා නම් වේ. ඒසේම මෙම පාරමිතා බුද්ධ කාරක ධර්ම යනුවෙන් ද හැදින් වේ.
එක් පාරමිතාවක් පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී යනුවෙන් කොටස් තුනකට බෙදේ. ඒ විට සියලු පාරමිතා කොටස් ගණන තිහකි. ලොව්තුරා බුදුබව පාර්ථනා කරමින් පෙරුම් දම් පුරණ බෝසත්වරයකු විසින් මෙම පාරමිතා කොටස් තිහම (30) සම්පූර්ණ කළ යුතු ය. ඒ සදහා උන්වහන්සේ ට අවශ්‍ය වන අවම කාලය අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරකී. පසේ බුදු බව අපේක්ෂා කරන උතුමන් අවම වශයෙන් කල්ප ලක්ෂ දෙකක්වත් පාරමිතා පිරිය යුතය. ඒ සදහා පාරමී, උපපාරමී යන කොටස් විස්ස සම්පූර්ණ කල යුතු ය. මහරහත් තත්ත්වයට පත් වීමට නම් අවම වශයෙන් කල්ප ලක්ෂ එකක් වත් පාරමී කොටස් දහය සම්පූර්ණ කළ යුතුය ය.
|
|