බෞද්ධ කර්මවාදය
කර්මය හා කර්ම විපාකමතු විපාක දීමට යටත්ව
කායික, වාචසික, හෝ මානසික ක්‍රියාවක් බෞද්ධ ව්‍යවහාරය අනුව කර්මයකි. කර්මය මූලික වශයෙන් දෙයාකාරය.
01. කාමාවචර කුසල කර්ම මිනිස් ලොව සහ දිව්‍ය ලෝකයන් හි විපාක ගෙන දෙන කුසලයන් ය. 02. රූපාවචර කුසල කර්ම රූපාවචර ලෝක නම් වූ පහළ බ්‍රහ්ම ලෝකවලදී විපාක දෙන කුසලයන් ය. 03. අරූපාවචර කුසලකර්ම අරූප බ්රහ්මලෝකවලදී විපාක දෙන කුසලයන්ය. 04. ලෝකොත්තර කුසල කර්ම සත්‍යාවබෝධයට සහ නිවන් සුවයට මග පෙන්වන, ඊට උපකාරී වන කුසලයන්ය. නිවනට මග පෙන්වන්නා වූ භාවනා දී කුසලයන් මීට අයත් ය.
බුදුන් වහන්සේ චේතනාව කර්මය ලෙස දේශනා කරයි, එනම් චේතනාව යනු ක්‍රියාව සදහා සිත මෙහෙය වීමයි. මනසින් කිසිවක් සිතයි ද කියයි ද හො කරයි ද එය කර්මයක් බවට පත්වෙයි. සිතින් නොසිතා එනම් චෙතනාවක් නොමැතිව සිදුවන ක්‍රියා කර්ම වශයෙන් නොසැලකේ. එවිට එහි විපාක නොමැත. |