රූපය නිසා වූ මානය මැඩ ගැනීම.
|
කිඹුල්වත් පුර රූපනන්දා දේවිය රූප සම්පත්තියෙන් බැබලෙන තැනැත්තියකි. ඇය බුදුන් වහන්සේට ගිහි කල නෑ කමින් සොයුරියකි. එනම් මහා ප්රජාපතී ගෝතමී මෙහෙණින් වහ්නසේගේ දියණීයකී. මැණියන් පැවිදි වූ දින පටන් ගිහි ජීවිතය පිලිබදව කළ කිරී කල්ගෙවන රූපනන්දා දේවිය දිනක් මෙසේ සිතයි. “මගේ සොයුරු සිදුහත් දුමරු සියළු සැප සම්පත් හැර දමා ගොස් මහණ වී බුදු වීය. මගේ මෑණියෝ ද මහණ විය. තවත් බොහේ නෑයෝද මහණ වි සසුන් ගත වූහ. මම ගිහිව සිට කුමක් කරම් ද? මමත් මහණ වෙමි “යි සිතා මෙහෙණින් වෙසෙන අරමකට ගොස් පැවිදි විය. එහෙත් ගිහි කල රූපය නිසා තිබු මානය අඩු නොවීය. “බුදු හිමියන් රූපයේ දොස් දක්වති“ යි සිතා බණ ඇසීමට මැළිව සිටියාය. දිනක් රූපනන්දා මෙහෙණියට බුදුරජානන් වහන්සේගෙන් බණ ඇසීමට සිතුණි වෙහෙරට ගොස් බුදු හිමියන්ට නොපෙනී හිදීමයි සිතා ඈතට වී මෙහෙණින් අතර හිද ගත්තාය. බුදු හිමියන් ඇගේ අදහස් දිවැසින් දැක රූපය පිලිබද ඇගේ මානය බිදිනු සදහා දහම් දෙසූහ. ඒ අතර තමන් වහන්සේට පවන් සලමින් සිටින සේ රන්, මිණි මුතු අබරිණින් සැරසූ රුවින් දිලෙන නව යොවුන් තරුණියක් රූපනන්දාවට පමණක් පෙනෙන සේ මැවූහ. රූපනන්දාගේ නෙත් සිත් යොමු වූයේ බුදුහිමියන්ට පවන් සලන ඒ තරුණ කත කෙරෙහිය. ඇය හංස දෙනක් නම් තමා කැවිඩියක් සේ සිතුනි. එ රුවින් දිලෙන තරුණ කත වයස ඉක්මවා මැදි වියට, මහළු වියට පැමිණ ඒවෙලේම ජරාවට පත්ව අත් පා දුර්වලව බිම වැතිරී, මැරී ඒ සිරුර බලු කපුටන්ට ආහාරයක් වන හැටි දැක රූපය පිළිබදව තිබු මානය මැඩ ගත්හ. බුදු රජාණන් වහන්සේ ඒ නිමිති කොට “ යම් තැනක ජරා, මරණ, මාන ගුණමකු බව තැන්පත් කෙරුණේද, මේ සිරුර ද ඇට වලින් ගලපා, නහර වලින් වෙලා, මස් ලේ ගල්වා සමින් වසා කෙරුණු නගරයක් වැනි“ බව වදාරා රූපනන්දා මෙහෙණියෝ රහත් පල පිහිට වූ සේක. |