භාවනා කරමු
සමාධිසිතෙ එකාග්ර භාවය සමාධිය නම් වේ.
|
චිත්තස්ස දමතෝ සාදු - චිත්තං ගුත්තං සුඛාවහන්ගෞතම බුදුන්වහන්සේ
සිත වනාහී ලොව අපූර්වතම පුදුමම වස්තුවකී. කිසිවිටකත් එකතැන නොදරයි. සිත වනාහී අන් කිසිවක් නොව, වෙනස් වෙමින් පවත්නා චිත්ත චෛතසිකයන්ගෙන් සංකීර්ණ ලෙස සෑදුනකී. එය ගංගාවක් මෙන් නිරතුරු ගලන්නෙකී. සිතෙහි හැසිරීම තනිවමය, දුර ගමන්ය, සිරුරක් නැත, ගුහාවක පවත්නේය, එය රූපයක් ලෙස දැකීම අපහසුය. ලෞකික වශයෙන් කවරෙකු ජයග්රහහෙකු යැයි සිතුව ද චිත්ත දමනයෙන් තොර කිසිවකු සැබෑ ජයග්රහයකු නොවන්නේය. සිත නොහික්මුණු මිනිසා රියක බැදි කුළුමීමකු මෙනි. අකීකරු නොවැඩුණු සිත ඔහු විපතට පමණුවයි. විශිෂ්ට වන්නේ සිත දමනය කරගෙන සතුටින් ජීවත්වන පුද්ගලයායි. සිතේ එකග බවත් නැතිව සියක් අවුරුදු ජීවත් වීමට වඩා සිත එකග කරගත් තැනැත්තාගේ එක් දිනක් ජීවත් වීම උතුම් බව බුදුන් වහන්සේ වදාළහ. චිත්ත දමනය අපහසුය, එහෙත් එය කළයුතුය. නෝ එසේනම් මිනිසත් බව ලත් තිරිසන් සතෙකු වැනිය.
කිසියම් අරමුණක් කෙරේ සිත රදවාලීමෙන් හෙවත් භාවනා කිරීමෙන් සිත හික්මවා ගතහැකිය. මිනිසා පෙළනුලබන ප්රධාන රෝගත්රය වන ලෝභ,දෝෂ,මෝහ, සිතුවිලි වන අතර ඊට ප්රතිකාර ක්රමය භාවනා ක්රමයයි. ලෝභ,දේවේෂ,මෝහ ආදී අකුසල් මැඩගෙන සිත දියුණු කිරීම නිවන් ලැබීමට උපකාරී වන්නේය. |
|
|