පිළිකුල් භාවනාව
|
විජය සූත්‍රය.
මෙය සූත්‍රනිපාතයේ උරග වර්ගයේ සූත්‍රයෙකි. මෙයට කායවිච්ඡන්දනික සූත්‍රය කියා තවත් නමක් ඇතිතේය. මේ සූත්‍රය තමාගේ රූප සෞන්දර්ය නිසා ඇති වූ මානයෙන් කලක් බුදුන් වහනසේ දක්නට ද නො ගොස් සිටි ජනපදකල්යාණී නන්දා නැමැති භික්ෂුණියට තථාගතයන් වහන්සේ විසින් වරක් වදාරන ලද්දේය. සිරිමා නම් ගණිකාවගේ රූප ශෝභාව දැක උපන් රාගය නිසා ආහාර වැළදීමත් හැර නිදා හුන් එක්තරා භික්ෂුවකට වරක් වදාරන ලද්දේය. තථාගතයන් වහන්සේ විසින් දෙවරක්ම වදාල වේ සූත්‍රය තමන් ගේ රූපය නිසා මානය ඇතිනොවීම සදහාත්, අනුන්ගේ ශරීරය ගැන රාගය නූපදිනු සදහාත්, විදර්ශනාව පිණිස රූප තත්ත්වය තේරුම් ගැනීම සදහාත් භාවිතා කිරීමට ඉතා යෝග්‍ය සූත්‍රයෙකි.
|