ලෝවැඩ සඟරාවඅත් වැඩ පර වැඩ සම ව සිතන්නේ
මෙත් සිත සව්සත කෙරෙහි කරනනේ එත් බැරිනම් තොප සසර ගෙවන්නේ සෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ අද අද එයි මරු පින් කර ගන්නේ කෙලෙස ද හෙට මරු නේති සිතන්නේ කි ක ල ද මහසෙන් මරු ඇප වන්නේ කු ම ට ද කුසලට කම්මැලි වන්නේ කාලා රසමුසු බෝජන කැරපෙම් ගාලා සුවදැති සදුනුත් මනරම් ලාලා අබරණ නිසි ලෙස සැරසුම් පාලා ගිය වැනි බහුරෑ කෝලම් අන්සතු සැපතක් දැක දළ ලොබිනේ උනට නොවී මට වේවයි සිතිනේ උන් කළ ඒ සිත අටගත් පවිනේ උන් මතු නිරයේ දුක් ම යි විදිනේ වැනුවා නම් බුදුගුණ වැනුවා මය තැනුවා නම් තම සිත ත්නුවා මය දෙනුවා නම් දන් පින් දෙනුවා මය දිනුවා නම් පරලොව දිනුවා මය පින් නොකරන දුදනන් බස් නාදා තුන් දොස් මල දුරු කර සිත සාදා පන්සිල් නිති අටසිල් රැක පෝදා ඉන් මොක්පුර පැමිණෙව් නොව බාදා |
සිය පින් සිරින් ස රු
දෙතිස් ලකුණෙන් විසිතු රු කෙලෙසුන් කෙරෙන් දු රු වදිම් මුනි උතුමන් තිලෝ ගු රු (ගුත්තිල කාව්‍යය) |