සසර ගමනට ආයෝජනයක්
අප ගෙවන මේ ජීවිතය බොහෝ වෙහෙස කර යි. ඒකාකාරී ව ගලා යන ජීවිතයට වෙනසක් සොයන්නට ඔබ පෙලඹෙන්නේ මානසික තෘප්තියක් නිසා විය හැකි යි. ඔබ ඒ සදහා ඔබ ගේ උපක්රම පාවිච්චි කරන්න පෙලඹෙනවා නො අනුමාන යි.
අපගේ ජීවිතවල සාර්ථකත්වය රදා පවතින්නේ බලය, නිලය, මිල මුදල හෝ දේපල මත නො වේ. අප සමාදන් වන සිල්පද මත යි. සිත, කය, වචනය සංවරවීමෙන් ඔබ ගේ ජීවිතයට එකතු වන්නේ සීල ධනය යි. පවට බය හා ලැජ්ජාව සීලය තුළින් ඔබ කරුණු දෙකකින් පොහොසතෙකු කර යි. ඒ පවට බය හා ලැජ්ජාව උපදවා දීම යි. සීලය සමාදන් වන ඔබ, නිරන්තරයෙන් එය ආරක්ෂා කරන්න පෙලඹෙනවා නම් සතුන් මැරිමෙන්, අන්සතු දේ ගැනීමෙන්, වැරදි කාමසේවනයෙන්, බොරු කීමෙන් මෙන් ම සුරාපානයෙන් වෙන් වෙනවා. එවිට ඔබ ජීවිතයට එකතු වන්නේ සීල ධනය යි. (මහාමේඝ පුවත් පත ඇසුරෙනි) |