සසුන පුවත් පතේ නිළ නිවේදන
යෝජිත විහාරාධිපති තනතුරුපහත දැක්වෙන විහාරස්ථාන නාම ලේඛනය මැයි මස 28 වැනි දින පළමුවර අනුමැතිය සදහා කාරක සංඝ සභාවට ඉදිරිපත් කරන බවත් එකී විහාරස්ථාන වල විහාරාධිපති තනතුරු යෝජිත ස්ථවීරයන් වහන්සේලාට ප්‍රධානය කිරීම කෙරෙහි කිසියම් පක්ෂය විරෝධතාවයක් ඇත්නම් ඒ බව 2011 අගෝස්තු මස 27 වැනි දිනට පෙර මා වෙත ලිඛිතව දන්විය යුතු බව මෙයින් නිවේදනය කරමී.
පූජ්‍ය වලකන්දේ වජිරඤාණ මහා ස්ථවිර
පූජ්‍ය මිතිරිගල සෝරත ස්ථවිර
පූජ්‍ය කලුගල සාගර භික්ෂු
පූජ්‍ය මතුරට සංඝසිරි මහාස්ථවිර.
මේ වගට අණ පරිදි වරාගොඩ පේමරතන මහා ස්ථවීර මහාලේඛකාධිකාරී. |
මීලග කාරක මහා සභාවශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකයේ මීළග කාරක මහා සංඝ සභාව මැයි මස 28 දින පෙ.ව. 8.30 ට නුගේගොඩ කොහුවල ධාතුමලු විහාරස්ථානයේ දී අතිපූජ්‍ය මහානායක මාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව පූජ්‍යතර මහාලේඛකාධිකාරී නා හිමිපාණෝ දන්වා සිටිති.
රාමඤ්ඤ වංසය1964 වසරේ පැවැත්වුනු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංවත්සර උත්සවය නිමිත්තෙන් අතිපූජ්‍ය මාතලේ ශාසනතිලක අනුනායක හිමිපාණන්ගේ කතෘත්වයෙන් පළකෙරුනු “රාමඤ්ඤ වංසය,, නැමැති ග්‍රන්ථයේ දෙවැනි මුද්‍රණය දැන් ප්‍රකාශයට පත්කොට ඇත.
එම කෘතියේ පිටපත් අවශ්‍ය අය ශ්‍රී වික්‍රමාරාමය, මට්ටක්කුලිය යන ලිපිනයේ පූජ්‍යතර උපමහා ලේඛකාධිකාරී පණ්ඩිත මාතලේ ධම්මකුසල නාහිමියන් වෙතින් විමසන ලෙස සංවිධායකයෝ දන්වා සිටිති. මූළස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරිනකොළඹ නාරාහෙන්පිට ඉදිකෙරුනු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මුළස්ථාන ගොඩනැගිල්ලට චාරිත්‍රානුකූලව ගෙවදීමේ චාම් උත්සවය මාර්තු 07 දින අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානයත්වයෙන් සිදුකෙරින.
|